ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා ස්ථාන දෙකක රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරීම් සිදු කරන බව සඳහන් වෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය හා ශ්‍රී ලංකා පොලිසිය ඉන්දුනීසියාවේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු තිබුණි. අදාළ මෙහෙයුම හා සම්බන්ධ වූ ඉන්දුනීසියානු හා මෙරට පොලිස් නිලධාරීන් කණ්ඩායම එම අපරාධකරුවන් පිරිස ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ගත්තේය. දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර බැකෝ සමන් හා තැඹිලි ලහිරු ය...
📰 “අද ලංකාවේ – පුවත් හා සිදුවීම්” ඔබට අලුත්ම පුවත්, දේශපාලන සිදුවීම්, සමාජ කතා, ක්‍රීඩා, කලා, විනෝදාස්වාද සහ ජාත්‍යන්තර තොරතුරු ඉක්මනින් හා විශ්වාසදායකව ගෙනෙන ශ්‍රේෂ්ඨ ප්රවෘත්ති වේදිකාවයි. දිනපතා වෙනස් වන ලංකාවේ තත්ත්වය සෘජුවම ඔබ වෙත ගෙනා අපගේ අරමුණ සත්‍යය හා නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමයි. 🇱🇰✨