Skip to main content

Posts

Showing posts from September, 2025

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

  උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (05)  ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේදනය 06 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවද එහි සඳහන් වේ. More>>> එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. WATCH>>>

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...

ඇල්ල බස් අනතුරින් විපතට පත් තංගල්ලේ මිනිසුන් වෙනුවෙන් හිටපු ජනපති මහින්ද තැබූ සටහන

  ඇල්ල බස් රථ අනතුරින් විපතට පත් සියලු පාර්ශව වෙත තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මුහුණුපොතේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ අනතුර පිළිබඳව අසා තමන් දැඩි කම්පාවට සහ ශෝකයට පත්වූ බවය. එමෙන්ම තමන්ගේ ගම් ප්‍රදේශය වන තංගල්ල ප්‍රදේශයේ නගර සභාවේ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වීම සමස්ත රටේම පුරවැසියන් මෙන්ම තංගල්ල ප්‍රදේශයේම සියල්ලන්ටම දැඩි කණගාටුදායක කරුණක් බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, ඊයේ රාත්‍රියේ (04) ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි.  තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.  මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම ...

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි

  ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ නවතම තත්ත්වය

  ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ අයගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත් කිසිඳු අයෙකුට ජීවිත අවදානමක් නොමැති බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි. අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වූ සියලු දෙනාට තමන් සිදු කළ කැපකිරීම හේතුවෙන් ජිවීත බේරා ගැනීමට හැකි වූ බව සිතා සතුටු විය හැකි බව එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටහ් සඳහන් කර සිටියේය. එමෙන්ම හමුදාවෙන් සහ ඇල්ල ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් සහයෝහය පිළිබඳව ද එහිදී ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියේය. ''සියලුම රෝගීන්ගේ ජීවිත අවදානම මේ වනවිට පහව ගිහින් තියෙන්නේ. මම කිව්වා වගේම හදිසි ශල්‍යකර්ම සියල්ල නිම කරලා දැන් රෝගීන් ඒගොල්ලොන්ගේ අදාළ වාට්ටුවල ඉන්නවා. කුඩා ළමයින්ගේ තත්වය යහපත්. ඒගොල්ලන්ට ජීවිත අවදානමක් නැහැ. ICUවල ඉන්නවා ලෙඩ්ඩු දෙන්නෙක්. ඒ දෙන්නටත් ලොකු ජීවිත අවධානමක් තියෙන දෙන්නෙක් නෙමෙයි. පවතින වාතාවරණය යහපත්. හැමෝම මහන්සි වුණා. හැමෝටම සතුටු වෙන්න පුළුවන් තමන් හින්දා ජීවිත මෙච්චර ප්‍රමාණයක් බේරුණා කියන එක'' ''නම...

ඇල්ල බස් අනතුරට හේතුව ? - තුවාල ලැබූ අයෙකුගෙන් හෙළිදරව්වක්

  ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි. රියදුරු සහ රිය සහායක සමග බස් රථයේ 34 දෙනෙකු ගමන් කර තිබුණි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත. අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. කෙසේවෙතත් අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මොවුන් සියලුදෙනා තංගල්ල සහ...

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>