Skip to main content

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

 

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය.

එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

''ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩර් සලිඳු ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙක් ඉන්දුනීසියාවේ ඉඳලා අද ලංකාවට රැගෙන ආවා. මේ වෙනකොට ඔවුන් සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. විශේෂයෙන් මේ ක්‍රියාන්විතයේදී මං හිතන්නේ අපි දීර්ඝ කාලයක් සැලසුම් කරලා විශේෂයෙන් පොලිසිය, පොලිස්පතිතුමා, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරලා දින හතක් පමණ ඉන්දුනීසියාවේ පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක නිරත වෙලා ඔවුන් අත්අඩංගුවට අරන් අද මේ රටට ගෙනාවා. ඔබ දන්නවා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වුණේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව. ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිතා කළා. ඒ වගේම ඔවුන් බලය පවත්වාගෙන යාම සඳහා මේ කණ්ඩායම් භාවිතා කළා වගේම ඔවුන් විවිධ ප්‍රයෝජන ඔවුන්ගෙන් ලබාගත්තා. ඔවුන්ගේ දේපල විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණු අවස්ථා අපිට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ අත්අඩංගුවට ගත් කණ්ඩායම් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිද්ධ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොට පොලිස්පතිවරයා නියෝග ලබා දීලා තියෙනවා. අපි මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරනවා. මේ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරනවා. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ පාතාල අපරාධ තවදුරටත් මේ රටේ ජනයා, පීඩාවට පත් කරමින් මේ කරන මේ දේවල් නැවැත්වීමට දැන් කාලය ඇවිල්ලයි කියලා. ''

More>>>



Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...