Skip to main content

2000 වසරට පෙර අතුරුදන් වූවන් ගැන විමර්ශන යළි අරඹයි

 

2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අතුරුදන් වූ දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ශණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා හානි පූර්ණ කාර්යාලය සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක්ද ඇති කරන බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයක් අද (29) අරලිය ගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතා,

"බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කිසිසේත් අහඹු සිදුවීම් නෙවෙයි. ඒවා අපරාධ. මේ අපරාධ ජීවත්වීමේ අයිතිය, පවුලක් ලෙස එකට සිටීමේ අයිතිය, ගරුත්වය සඳහා ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් හිතාමතාම උල්ලංඝනය කිරීම් වෙනවා. එම නිසා, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ මේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් සිදුකළ යුතු කාර්යයන් ප්‍රමාද කිරීම නොව, පිළිගැනීම සහ ක්‍රියාත්මක වීමයි. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ රජය සංහිඳියාව සහ යුක්තිය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදවතේ තබාගෙන සිටින්නේ ඒ නිසයි.

අප විසින් සිදුකරන ප්‍රධාන කාර්යන් තුනක් පමණක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මම කැමතියි. එනම් සත්‍යය, යුක්තිය සහ හානි පූරණයයි

පළමුව  සත්‍යය - සත්‍යය දැන ගැනීමට සෑම පවුලකටම  අයිතියක් තිබෙනවා. සත්‍යය යනු රජය විසින් ලබා දෙන තෑග්ගක් නොවේයි. සත්‍ය දැනගැනීම සහතික කළ යුතු ජනතා අයිතියක්. ඒ නිසා අපි සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙය දේශපාලනික පොරොන්දුවක් හෝ සංකේතාත්මක සන්දර්ශනයක් නොවේයි. එය ඔබට සවන් දීමට, පිළිගැනීමට සහ පිළිතුරු සැපයීමට නිර්මාණය කර ඇති සියලු දෙනා ඇතුළත්කරගන්නා , විනිවිද පෙනෙනා සහ විශ්වසනීය, වින්දිතයා කේන්ද්‍ර කරගත් යාන්ත්‍රණයක් වන බව අපගේ විශ්වාසයයි.

2000 වර්ෂයට පෙර උතුරේ දී සහ දකුණේ දී අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති මෙතෙක් විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. මේ කටයුතුවලට අදාළ ව රුපියල් මිලියන 375 ක් අපි වැය වේයැයි අපේක්ෂා කරනවා. 
දෙවනුව  යුක්තිය - බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විසඳිය නොහැකි අභිරහස් නොවේයි. අතුරුදහන් කිරීම් යනු අපරාධයි. යුක්තිය සැමවිටම අපක්ෂපාතී, විශ්වාසනීය සහ සැබෑ විය යුතුයි. අපගේ ජාතියේ ආරක්ෂාව සහ අපගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යන දෙකම ආරක්ෂා කරන නීතියක් අපි ඉදිරිපත් කරනවා. බලය වෙනුවෙන් යුක්තිය කිසිදා කැප නොකළ යුතුයි යන ස්ථිර අධිෂ්ඨානයේ අපි සිටිනවාතුන්වැන්න හානිපූරණය - අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අනුකම්පාවට වඩා වැඩි යමක් ලැබිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම සහ ගෞරවය ලැබිය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සිදු වූ හානි පූරණය කිරීමට නව ක්‍රමයක්  හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිනවා.

නව ක්‍රමය මගින් මෙතෙක් සිදු වූ ප්‍රමාදයන් වළකමින් සහ විනිවිදභාවය තහවුරු කරමින් එක් වරක් ගෙවීම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහයෝගයක් ලබාදීමට හැකිවෙනවා. අධ්‍යාපනය, ජීවනෝපාය අවස්ථා, මනෝ-සමාජ සත්කාර සහ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම සමඟ සාධාරණ මූල්‍ය වන්දියක් ඇතුළු ඒකාබද්ධ වූ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් අපි තුවාල සුවපත් කිරීමට පමණක් නොවෙයි, විශ්වාසය, සංහිඳියාව සහ එක් ජාතියක් ලෙස අපගේ අනාගතය ශක්තිමත් කිරීමටත් කැපවෙනවා."More>>>

Watch now>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...