ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත. අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>
📰 “අද ලංකාවේ – පුවත් හා සිදුවීම්” ඔබට අලුත්ම පුවත්, දේශපාලන සිදුවීම්, සමාජ කතා, ක්‍රීඩා, කලා, විනෝදාස්වාද සහ ජාත්‍යන්තර තොරතුරු ඉක්මනින් හා විශ්වාසදායකව ගෙනෙන ශ්‍රේෂ්ඨ ප්රවෘත්ති වේදිකාවයි. දිනපතා වෙනස් වන ලංකාවේ තත්ත්වය සෘජුවම ඔබ වෙත ගෙනා අපගේ අරමුණ සත්‍යය හා නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමයි. 🇱🇰✨

Comments
Post a Comment