Skip to main content

ඉන්දුනීසියානු රජයට එරෙහිව පැවති විරෝධතා තවත් දරුණු අතට

 

ඉන්දුනීසියානු රජයට එරෙහිව පවතින විරෝධතාවන් මේ වන විට වඩාත් ප්‍රචණ්ඩය මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බල කරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් නිර්මාණය වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනය.

එම විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කැරලි මර්දන පොලීසිය කටයුතු කරමින් සිටින අතරතුර පොලිස් වාහනයක ගැටී යතුරුපැදිකරුවෙක් මිය ගිය අතර එම සිදුවීමට විරෝධය පළ කරමින් ඊයේ (30) එරට බන්ඩුන්ග් නගරයේදී විරෝධතා පැවැති අතර එම විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් ගොඩනැගිලි ගිනි තබමින් සහ දේපළවලට හානි කරමින් විරෝධය පළකර තිබේ.

විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ මේ වන විට පවතින අඛණ්ඩ විරෝධතා අතරතුර ඉන්දුනීසියානු විරෝධතාකරුවන් පළාත් තුනක ප්‍රාදේශීය පාර්ලිමේන්තු ගොඩනැගිලිද ගිනි තබා විනාශ කර ඇති බවය.

ඒ අනුව බටහිර නුසා ටෙන්ගාරා හී පාර්ලිමේන්තු ගොඩනැගිලි, මධ්‍යම ජාවා හී පෙකලෝන්ගන් නගරය සහ බටහිර ජාවා හී සයිරබන් නගරයයේ පිහිටි ගොඩනැගිලි රැසක්ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ පවතින විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් එරට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවය.

එමෙන්ම පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් එරට ගිනි තැබූ ගොඩනැගිලිවල සිරවී සිටි පුද්ගලයින් බවද මේ වන විට වාර්තා වී ඇත.More>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...