Skip to main content

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිද්දා සිට අනිවාර්යය වෙයි

 

අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවල මගීන් සඳහා ආසන පටි පැළඳීම සැප්තැම්බර් 01 වනදා සිට අනිවාර්යය කෙරුණ ද ඒ සම්බන්ධයෙන් සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බව අද දෙරණ කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

අනතුරුව අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා මෙලෙස අදහස් පළ කළේය.

"ආසන පටි පැළඳීම කියන කාරණය ඉතාම වැදගත්කොට සලකනවා. මොකද මේ මගින් සිදුවන අනතුරුවලින් වන මරණ සංඛ්‍යාව සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගන්න පුළුවන් කියලා අපිට වාර්තා තියෙනවා. ඒ නිසා අපි දැනට මාස දෙකක සිට දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මේ මොහොත වෙනකොට සියලුම වාහනවල ගමන්කරන රියදුන් ආසන පටි පැළඳින්න ඕනේ මුළු ලංකාවේම ගමන් කරනවානම්.  ඒ වගේම ඉදිරිපස ආසනයේ ගමන්කරන මගියාත් අනිවාර්යෙන් ආසන පටි පැළඳ තියෙන්නේ ඕනේ මුළු ලංකාවේම ගමන් කරනවානම් වාහනයේ. හැබැයි සැප්තැම්බර් 01 වනදා  සිට අපි අධිවේගී මාර්ගයේ ගමන්කරන රියදුරන්, මගීන් සියලුමදෙනා ආසන පටි පැළඳ සිටිය යුතුවෙනවා. අපි මේක සෘජුව අධික්ෂණය කරනවා සමහර වෙලාවට සමහර වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි ලබා නොදීපු අවස්ථා තියෙනවා එම වාහනවල ආසන පටි සවිකර ගැනීම සඳහා අපි මාස 03ක කාලයක් ලබාදීලා තියෙනවා. ඒ ඇර අනෙකුත් සියලුම වාහනවග ගමන්කරන මගීන් ආසන පටි පැළඳීම අනිවාර්යට වෙනවා. ඒක අපි සෘජු අධික්ෂණය සිදුකරනවා."       

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය හෙට (31) නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථවේදී අමාත්‍යවරයා සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව සැප්තැම්බර් මස පළමු වන දින සිට අදාළ තීරණය බලපැවැත්වෙනු ඇත.

මීට අමතරව අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ ඇතුළු සෙසු  බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3ක කාලයක් ලබාදෙන බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන්ම රු. 2000ක පමණ මිලකට පැවති ආසන පටිවල මිල මේ වන විට රු.5000ත් 7000ත් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ‍සොයා බැලිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබේ.

එමෙන්ම ඉදිරියේ දී දුර ගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අවශ්‍ය නීතිමය සංශෝධන සිදුකරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහනයේ තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.

වාහනවල රෝද  නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී අමාත්‍යවරයා පෙන්වාදී ඇත.More>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...