Skip to main content

උණුසුම් පුවත්

 


රනිල්ට ඇප දුන් නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාරගත කළේය.

කෙසේවෙතත් එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය.

නඩු විභාගය ඇරඹීමටත් පෙර උදෑසන සිටම එම අධිකරණ පරිශ්‍රය අවට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

ඒ අනුව අද පස්වරු 1.40ට හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය ආරම්භ විය.

එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍යයට සම්බන්ධ කරගනු ලැබුවේ ZOOM ඔස්සේය.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා."

මෙහිදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.more>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...